Sunday 9th of November 2025

English Tamil
Advertiesment


අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් - විශ්‍රාම යන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සමුදෙමින් කියයි


2025-07-26 1412

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ තීන්දු ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතු වූ බව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු පවසයි.

සිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ජූලි 25 ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති චාරිත්‍රානුකූල සමුදීමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරිය මේ බව කියා සිටියා ය.

මීට වසර 45කට පමණ පෙර තමා නීති ශිෂ්‍යාවක ලෙස අලුත්කඩේ ප්‍රදේශයට පැමිණි බව ත් ඉන් පසුව නීතිඥ සංගමයේ සාමාජිකාවක බවට පත්වී අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකණන විනිසුරුවරියක මෙන් ම අග්‍රවිනිශ්චකාර ධූරයට ද පත්වීමට හැකි වූ බව ඇය සඳහන් කළා ය.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48 වන අග විනිසුරුවරු ධූරයට පත්වීමට තමාට හැකි වූ බව ත් අගවිනිසුරුවරයෙකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවන බව ත් ඇය අවධාරණය කළා ය.

විනිසුරුවරුන් අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ත් එම සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් බව ත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

 

- BBC සිංහල -
Advertiesment